ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාව ආසියා මහද්වීපයට අයත් ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටා ඇති ප්‍රධාන දූපතක් හා අවට පිහිටි කුඩා දූපත් කිහිපයකියන්ද විශාල සමුද්‍ර කලාපයකින්ද සමන්විත ස්වෛරීය රාජ්‍යයකි .
අතීතයේදී මෙය නිලවශයෙන් පහත හෙලංකා, ලංකා, සිංහලේ, සීලාන්, සිලෝන්, සෙරන්දිබ් සහ තැප්‍රෝබේන් යන නම්වලින් හඳුන්වා ඇත. සිව් හෙළය, හෙළය, තම්බපන්නි, සීලදීප, රත්නදීප, ඉන්දියන් සාගරයෙහි මුතු ඇටය ආදී අන්වර්ථ නාම සහ විරුදාවලි වලින්ද ශ්‍රී ලංකාව හඳුන්වන ලදී. දෑත් එක්කොට ආයුබෝවන්/ආයිබෝං කීම ශ්‍රී ලාංකික සිංහලයන් අන් අය පිළි ගැනීමට භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමයයි.
ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වන අතර එහි ආණ්ඩුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම්වේ. එතෙක් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට 1972 මැයි 22 දින "ශ්‍රී ලංකා" සමාජවාදී ජනරජය පිහිටුවන ලදී. 1978 දී "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" පිහිටුවන ලදී.එහි වාණිජ අග නගරය වන්නේ කොළඹ නගරයයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී ජාතින් ජීවත් වන ලක්බිමේ ප්‍රධාන ආගම බුදු දහම වේ. පරිපාලන අග නගරය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" වේ. ශ්‍රි ලංකාවෙහි ප්‍රධාන කර්මාන්තය ගොවිතැනය.
වර්ග ප්‍රමානය
ගොඩබිමි වර්ග ඵලය 65525 sq km
අභ්‍යන්තර මිරිදිය 1570 sq km
කරදිය ජල වර්ග ඵලය 487100 sq km
සමස්ථ වර්ගඵලය 554200 sq km
ලංකාවේ ප්රාග් ඓතිහාසික යුගය අධ්‍යයනය කිරීමේ පහසු ව සඳහා පහත පරිදි යුග වලට බෙදා අධ්‍යයනය කරනු ලැබේ. පුරාශිලා යුගය මධ්‍යශිලා යුගය නවශිලා යුගය.සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව ලංකාවේ මානව යටගියාව පිළිබඳ සාධක අදිව් වසර 125,000 දක්වා ඈතට දිවයයි. ලංකාවේ වයඹදිග හා දිණිකොණදිග ප්රදේශයන්ගේ වෙරළාශ්‍රීත ප%දේශවල ව්‍යාප්තව ඇති ඉරණමඩු පාංශු සංකීර්ණයට අයත් බූන්දල වැල්ලෙගංගොඩ හා පතිරාජවෙල යන ස්ථානයන්ගේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ අනුව මෙම කරුණු තහවුරු වී ඇත.ප්‍රථම නවීන අගනනුවර ලෙස අනුරාධපුරය සැලෙකන අතර, රාජ්‍ය පරපුරේ අවසානය සෙංකඩගල නගරය විය.
වර්ෂ 1505 දී පරංගි (Portuguese) ලංකාව ආක්‍රමණය කරන ලදී. පරංගින්ගේ මුලික අවශ්‍යතාව වූයේ ඔවූන්ගේ ආගම හා වෙළඳාම පැතිරවීමයි. පසුව ඕලන්ද (Dutch) හා ඉංග්‍රීසි (British) අධිරාජ්‍යවාදීන්ගේ ද තාඩන පීඩනවලට ලක්විය. මෙම ආකාරයෙන් වූ තාඩන පීඩනයන්ගෙන් මීදීම සදහා උඩරට ගිවිසුම නමින් 1815 දී ඉංග්‍රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංඝනය කරමින් එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා දරුණු පාලනයක් ගෙන ගියහ. මේ අතර තුර කාලයේදී ලාංකික ජනතාව 1818 දී සහ 1848 දී කැරලි දියත් කලේය.
පුරාවස්තු
අතීතයේ මිනිසුන් විසින් කරනලද විවිධ නිර්මාණ වලින් ශේෂ වූ ද්‍රව්‍යාත්මක සාධක පුරාවස්තූන් ලෙසට හඳුන්වනු ලබයි. තවද මේවා ආදිතමයන් පිළිබඳව තොරතුරු දැන ගැනීමට වන අතර පුරාවස්තුවක් ආකාර දෙකකින් හඳුන්වා දිය හැකිය. එනම්,
. පුරාවස්තුවක් පිළිබඳ නෛතික අර්ථ නිරූපණය.
. පුරාවස්තුවක් පිළිබඳ භෞතික අර්ථ නිරූපණය.
භෞතික අර්ථ නිරූපණය යටතේදී ඍජු හා වක්‍ර වශයෙන් ද ආධාර වන සාක්ෂි දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආඥා පනත ට අනුව පුරාවස්තුවක්යනු වර්ෂ 1815 මාර්තු 02 දිනට වඩා පැරණි මිනිස් ක්‍රියාකාරකමක් හා සම්බන්ධ වු දෙයකි. එනම්, උඩරට ගිවිසුමට අත්සන් කළ දිනයයි. එසේම යම්දෙයක් වසර 100කට වඩා පැරණි නම් එය පුරාවස්තුවක් ලෙස ප්‍රකාශ කිරීමේ බලය විෂය භාර ඇමතිවරයාට ඇත. මෙය ස්වභාවයයි. මිනිස් ක්‍රියාකාරකම් මුල්කරගෙන පහළ වූ යම්කිසිද්රව්යාත්මකසාධකයක් (දෙයක්) පුරාවස්තුවක් ලෙසට භෞතික (ද්‍රව්‍යාත්මක) ව දැක්විය හැකිය. අප ආදිතමයන් වාසය කළ ගේ දොර , පරිහරණය කළගෘහ ෙඋපකරණ ආහාර වශයෙන් ගත් දෙයෙහි අවශේෂ (ඉතිරි කොටස්) පරිසරයෙහි පැවති ගහ, කොළ, සහ එවකට සිටි සතා සිවුපාවා ද මේ අතරට අයත්වේ. මෙසේ පැරණි මානවයා පිළිබඳව දැනගැනිමට හැකිවන සියලුම භෞතික සාක්ෂි පුරාවස්තු වශයෙන් ිරලව හැඳින්විය හැකිය.
පුරාවස්තු හදඳුනාගැනිම උදෙසා පුරාවිද්‍යාඥයන් විසින් අනුගමනය කරනු ලබන ක්‍රම 04 දක්නට ලැබේ. එනම්,
විද්‍යාත්මක කාලනීර්ණ ක්‍රමය.
කාබන් 14 තාප සංදීප්ත ක්‍රමය.
කලා නිර්මාණවල ශෛලිය අනුව.
නිර්මාණයේ හැඩය අනුව.
පුරාවස්තු වටා ඇති වස්තූන්ගේ පුරාවිද්‍යාත්මක වටිනාකම අනුව
මෙලෙස නීර්ණය (තීරණය) කරන ලද ද්‍රව්‍යන් පුරාවස්තූන් ලෙසට හඳුනාගනී. ඒ අනුව පැරණි දාගැබ් , ශිලා ලෙඛව , පෙති පිළිම, වැව් අමුණු වැනි මහා පරිමාණ නිර්මාණවල හා කර්මාන්තවල සිට කුඩා වළං කැබලිත් දක්වා වු සියලු වස්තූන් පුරාවස්තූන් පුරාවස්තූන් වේ. නමුත් පුරාවස්තු සඳහා පවතින නිතිමය තත්වය රටින් රටට වෙනස් වේ.ඉන්දියාවේ වසර 100 ට වඩා පැරණි ද්‍රව්‍යන් වුනත් යුරෝපයේ වසර 50ට වඩා පැරණි ද්‍රව්‍යන් ද පුරාවස්තු ලෙසට ඔවුන් සළකයි.
ලංකාවේ ජාතික උරුමය සුරුකීමත් ඒ පිළිබඳ ජනතාැවට අවබෝධයක් ලබා දීමටත් , පුරාවස්තු සංරක්ෂණය කිරීමත් පැවරී තිබෙන ප්‍රධාන රාජ්‍ය ආයතනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. වර්ෂ 1940 අංක 09 දරණ පුරාවිද්‍යා ආඥාපනතින් දමම දෙපාර්තමේන්තුව නීතිගතකර ඇත. මෙහි ප්‍රධානියා වූයේ පුරාවිද්‍යා කොමසාරිස්තුමාය. නමුත් වර්ෂ 1990 වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 100 පිරීම නිමිත්තෙන් පුරාවිද්‍යා කොමසාරිස් යන ධුරය පුරාවිද්‍යා අධයක්ෂක ජනරාල් යනුවෙන් නවනස් කරන ලදී. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හඳුන්වන්නේ පුරාවිද්‍යා අධ්යන්ෂක ජනරාල් වශයෙනි.වර්ෂ 1890 ජූලි 07 දා ආරම්භ කරන ලද පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඒ දිනය නිමිති කරගනිමින් ජූලි මස 07 දා සෑම වසරකදීම පුරාවිද්‍යා දිනය සමරනු ලබයි. 2007 වසර වනවිට මෙම ආයතනය ආරමිභ කර වසර 117කි. එහිදී මෙම පුරාවිද්‍යා දිනය සතියක් පුරාවට සැමරීම ලාංකිකයන් විසින් විසින් සිදුකරනු ලබයි. එහිදී මෙම ඒ ඒ වසරයන්හිදි විවිධ තේමාවන් යටතේ මෙය සමරනු ලබයි.
ආරම්භයේදී සිටම මේවනතෙක් බොහෝ කොමසාරිස්වරු හා අධ්‍යක්ෂක ජනරාල්වරුන් නිල බලය දරන ලදී.
01. 1890-1912 - H.C.P. බෙල්
Mr.Senarat paranavitana.jpg
02۔1931-1934 - ආචාර්ය සෙනරත් පරණවිතාන
031958-1967 - ආචාර්ය C.E.ගොඩකුඹුර
04. 1967-1979 - ආචාර්ය රාජා ද සිල්වා
05. 1979-1983 - ආචාර්ය සද්ධාමංගල කරැණාරත්න
06. 1983-1990 - අාචාර්ය රෝලන්ඩ් සිලවා